"කියන්න ඒ ඇයි කියලා.. මොකක්ද ඔයාලට එයත් එක්ක තියන තරහා..?"
චතුරිකා රැළිකරගත් ඇහි බැමෙන් යුතුව අසන්නට විය.
"නෑ ..නෑ.. මම විහිළුවට කිවුවේ.. ඔහොම ඉන්න කෙල්ලො,කොල්ලො නිකම්ම චා වෙනවනේ ඒකයි."
දිවා ආහාර වේල ගැනීමට කැන්ටිමට යාමට මිතුරියන් සමඟ එක්වීමට සිදූ වූ නිසා විකුම් සමඟ තව දුරටත් ඒ පිලිබඳ කතා කිරීමට ඇයට නොහැකි විය. එමෙන්ම විකුම් බොහෝ විට කටට එන පලියට කියවන නිසා ඒ කතාව වැඩිය ගණන් ගත යුතු නැතැයි යන්න චතුරිකාගේ හැඟීම විය.
දින සති කෙමෙන් ගෙවී යද්දී තුෂී දුකෙන් සිටින කාලයට වඩා සතුටින් ගත කරනා කාල සීමාව කෙමෙන් වැඩි විය. ඇය සති අන්ත නිවාඩු දින වල නගරයට ගොස් රූපලාවන්‍ය කටයුතු වලට අවශ්‍ය කලමනා ගත්තාය. රූපලාවන්‍යාගාර වලට ගොස් අවශ්‍ය උපදෙස් ලබා ගත්තාය.මේ සියලු දේ ඇය කලේ චතුරිකාගේ දිරි ගැන්වීමත් ඇතුවය.
"තුෂී.. ඔයා අයුර්වේද කඩේකට ගිහින් සුදු හඳුන් ,කොකුම් පොතු ගන්න.saloons වල කෘතිම දේවල් කරනවාට වඩා ඒක හොඳයි."
"ඒයි තුෂී.. ඔහොම කාල නම් කෙට්ටු වෙන්න වෙන්නෙ ඊලඟ ආත්මෙ තමයි."
චතුරිකාගේ බලකිරීම් විටෙක හිසරදයක් සේ දැනුනද.. ඇය ඒ සියල්ල කරන්නේ සැබෑ මිත්‍රත්වයෙන් බව ඈ දනී.මීට මාස ගණනකට පෙර ඇගේ සිතේ තිබූ අරමුණ දැන් ඇගෙන් පලා ගොස්ය. එනම් ආලයක් සොයා යෑම දැන් ඈට අමතක වී ඇත. ඇයට වුවමනා මිතුරු මිතුරියන් ඇයට කරන උසුළු විසුළු වලින් ගැලවීමය. තමා ඇති තැන මෙන්ම තමා නැති තැනද විවිධ නම් වනම් වලින් තමා ඇමතීම හිතට ලොකු වේදනාවක් වූ හෙයින් ඇයට අවශ්‍ය ඉන් මිදීමටය.
පලමු වසර අවසාන විභාගයේ ප්‍රතිඵල ද නිකුත් විය.පලමු වසරට වඩා වැඩ අධික වන දෙවන වසර වෙනුවෙන් සියලු ශිෂ්‍ය,ශිෂ්‍යාවෝ දැඩිව කැප වන්නට විය.මේ අතර එලඹුනු සිංහල හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් නුවන් ඇතුලු ඔහුගේ මිතුරන් රිවස්ටන් පතන බැලීමට යාමට කතිකා කර ගත්හ.
ඒ ගැන දැනුම් දීමට ඔහු චමත්ට දුරකථන ඇමතුමක් ගත්තේය.
"මචං.. අපි 15 රිවස්ටන් trip එකක් යන්ඩ හිතන් ඉන්නෙ .. උඹත් වරෙන්.."
"අපෝ.. අර වන්නියටද බං යන්නේ?"
"කොහෙ වන්නියද බං?"
"ඇයි බං රිවස්ටන් තියෙන්නෙ මාතලේ නෙවේ ද..?"
"හෙ..හේ.. අහ්.. ඔව්.ඔව්.. ඒකත් වන්නියක් තමා බං... ඒත් දැන් මම ඒකට වන්නිය කියන්නෙ නෑ නේ.. "
"ඇයි ඒ?"
"යකෝ.. චතූ කේතලේ මල්ලක්නෙ .. එයා වන්නි වුනොත් අන්තිමට මමත් වන්නි කොල්ල වෙනවනෙ බං."
"හෙ..හේ.. !!! හරි. හරි.. ඒක නෙවේ මචං.. මට නම් 15 ගෙදරින් trip එකක් යන්ඩ set කරගෙන.ඒක නං කට් කරනව බොරු .. ගොඩාක් කලෙකින් ගෙදර ආව නිසා අම්මලා ඒ trip එක යන්න එන්ඩමලු බං.."
"ඔහ්.. so sad නෙ මචං වැඩේ.. කමක් නෑ.. ඊළඟ අවුරුද්දෙවත් වරෙං.. 15 තියාගනිං අපිත් එක්ක trip යන්ඩ ගොං වහන්සේ..!"
"උඹ කලිං කිවුවනම් book කරලා තියාගන්නවනේ බං.. උඹලා වගේ යෑ.. අපිට ඉතින් හරි හරියට වැඩ රාජකාරි තියන මිනිස්සුනේ.."
"අනේ..පල..!! උඹට තියන වැඩ.. පවුලක් පංසලක් වත් තියනවා වගේ කතාව... තනිකඩ උණහපුලු පැටියා..හේ..!!"
"අනේ.. කෙල්ලක් හිටියා කියලා උඹ හරි පොර කියල ද හිතන් ඉන්නේ..??? ,.. .......
මේ මචං අප්පච්චි ඇවිත්.මාස ගාණකින් අදනෙ ගෙදර ආවේ.. ගෙට ගොඩ වෙනකොටම 1 ලකුනු කරේ නැත්තම් හොඳ නෑනේ.. මම තියනවා මචං.. වෙලාවක set වෙමුකෝ.."
"ok මචං.. එහෙනම් ඕං මං ගියා."
15 දිනය උදා වුනා.විකුම් ඇතුළු පිරිස ගමන යාමට වෑන් රථයක් කතා කරගෙනයි තිබුනේ.උදෑසන 6.30 පමණ වනවිට පිරිස නුවරින් පිටත් වුනා.මාතලේ නගරයට එනවිට උදෑසන 7.30 පසු වි තිබුනා.එයින් පසු සුදු ගඟ හරහා රත්තොට ප්‍රදේශය ඔස්සේ රිවස්ටන් වෙත ඔවුන් ගමනේ යෙදුනා.
රත්තොට , හා ඒ ආශ්‍රීත ප්‍රදේශ වල වියලි උණුසුම් බවෙන් හෙම්බත් වන්නට මත්තෙන්.. රිවස්ටන් පතනේ වියලි එනමුත් සීතල බව ඔවුන්ගේ ගතට සනීපයක් ගෙන දුන්නා.
"මචං.. ලංකාවත් මාර රටක් නේද බං..?"
"ඔව් බං... බලපං.. මාතලේ ටවුමට එනකං.. අම්බානට වැස්ස.. සුදු ගඟ,මැටි හක්ක පැත්තට එනකොට ගිනි රස්නෙ.. දැන් පට්ට සීතල.."
සංදීපද කතාවට එක විය.
ඒ ඇසූ චේතිය,
"ඒක තමා මචං.. අපි වගේ කලවැද්දෝ නැත්තං.. ලංකාව තවත් ලස්සන වෙන්ඩ තිබුනා."
"ඒයි යකෝ.. උඹ වැද්දා කියලා අපි දන්නවා.. ඕවට අපිව ගාව ගන්ඩ එපා... නැද්ද.. සමීර.. මතකනේ මූ දබනේ ගිහින් කෙලපු පිස්සුව.."
ඒ විකුම් ය.. ඔහු ඉතින් කවදත් වඩේ විහිළුකාරයා ය.
පිලිතුර දුන්නේ සමීර නොව සංදීපය.
"ඔව් ඉතිං.. මු කැකුලියෙකුටත් වහ වැටුනනේ.. තව පොඩ්ඩෙන් දුන්නයි කෙටේරියයි ඉල්ලං එහෙම බින්න බහින්ඩ ගියේ.. නැද්ද මචං."
"පල.. නරි රැළ යන්ඩ.. මුන්ට ඉතින් ඊරිසියාව... ඕක ලොකුයි ලු නේ රුසියාවටත් වඩා.."
විකුම් ඔහුට දෙවනි නොවෙයි..
"අපෝ ඔව්.. ඊරිසියාව.. ඒක නෙවේ මචං.. fun bite එකක් තියනවා.. උඹලා සප් එක දෙනවා නම් එළ drama එකක් බලාගතහැකි.."
"දැං කවුද බං ඕකෙ ප්‍රධාන නළු නිළි ඩබල..? අනේ මචං.. ලස්සන නිළියක් නම් නළුවා මම ඕං..."
සමීර කට කොනට ගත් හිනාවෙන් යුතුව් පවසයි
"හේ..හේ... ඔව්..ඔව්.. මාර ලස්සන නිළියක් බං.. නම කිවුවොත් උඹ වහ කයි..."
ඒ විකුම් ය.






