මට ටිකක් ලොකු කාලේ ඉදන් හිතුන දෙයක් තමා love marriage ද,praposal marriage ද වැඩිය හොඳ කියන එක.
දෙමවුපියෝ,වැඩිහිටියෝ ඇයි මෙච්චර උත්සාහ කරන්නෙ යෝජිත විවාහ වලට දරුවො නැඹුරු කරන්න?
ඒ අතරෙ මාධ්‍ය ඇයි ඔච්චර උත්සාහ කරන්නෙ සමාජය තුලට ආදර විවාහ ඇතුල් කරන්න.
අන්තිමේට මට හිතුනේ විවාහයත් වාණිජකරණය වෙලානේද කියලා.
යෝජිත විවාහයකදි ඉස්සෙල්ලාම හැඩවැඩ...ඉන් පස්සෙ දේපල ඉඩකඩම්...
ඔහොම කියනකොට මට මතක් වෙනවා සිද්ධියක්..!
අපේ දන්න අඳුරන අයියා කෙනෙකුට එයාගෙ දෙමවුපියෝ මනමාලියක් හෙව්වා.එයාලා හරියට වංශෙ ඔළුවෙ තියන් ඉන්න අය.ඒත් අයියා ලස්සන හොඳ කෙනෙක්.පෙම්වතියක් නැතිවෙන්න බෑ.
එයාට හෙව්වා තැනක්. එයාට මනමාලි හිතට ඇල්ලුවෙ නෑ.ඒත් එයාගෙ අම්මලාට හොඳට හිතට අල්ලලා.
හැබැයි මනමාලි නෙවේ..මනමාලිට හම්බෙන දේපල..
අරෙහෙන් ගෙවල් දෙකයි...,මෙහෙන් පොල් ඉඩම් මෙච්චරයි...
අනේ මංදා...ඇත්තටම මම නම් එහෙම විවාහයකට කැමති නෑ...ඔයාලා කොහොමද දන්නෑ..මේ මගේ අදහස.
අනික් අතට සමහර ආදර විවාහවල අහන්න ලැබෙන දෙයක් තමා
"බඳින්න කලින් හිටපුකෙනා නෙවේ බැන්ඳට පස්සෙ ඉන්නෙ කියලා"
ඒත් මටනම් අන්තිමට හිතුනෙ දෙවිදියම හොඳයි කියලා.අන්තිමට සතුටින් ඉන්න පවුල් කොච්චර ඉන්නවද...කියලා මට හිතුනා.
මගේ අනාගතේ කොම දන්නෑහොම වෙයිද කියලා මනෙ. ඉතින් ඔයාලට හිතෙන්නෙ කොහොමද?


