Thursday, September 30, 2010

මොකක්ද වැඩිය හොඳ?..


මට ටිකක් ලොකු කාලේ ඉදන් හිතුන දෙයක් තමා love marriage ද,praposal marriage ද වැඩිය හොඳ කියන එක.
 දෙමවුපියෝ,වැඩිහිටියෝ ඇයි මෙච්චර උත්සාහ කරන්නෙ ‍යෝජිත විවාහ වලට දරුවො නැඹුරු කරන්න?
 ඒ අතරෙ මාධ්‍ය ඇයි ඔච්චර උත්සාහ කරන්නෙ සමාජය තුලට ආදර විවාහ ඇතුල් කරන්න.

 අන්තිමේට මට හිතුනේ විවාහයත් වාණිජකරණය වෙලානේද කියලා.
  ‍

යෝජිත විවාහයකදි ඉස්සෙල්ලාම හැඩවැඩ...ඉන් පස්සෙ දේපල ඉඩකඩම්...
 ඔහොම කියනකොට මට මතක් වෙනවා සිද්ධියක්..!

 අපේ දන්න අඳුරන අයියා කෙනෙකුට එයාගෙ දෙමවුපියෝ මනමාලියක් හෙව්වා.එයාලා හරියට වංශෙ ඔළුවෙ තියන් ඉන්න අය.ඒත් අයියා ලස්සන හොඳ කෙනෙක්.පෙම්වතියක් නැතිවෙන්න බෑ.
 එයාට හෙව්වා තැනක්. එයාට මනමාලි හිතට ඇල්ලුවෙ නෑ.ඒත් එයාගෙ අම්මලාට හොඳට හිතට අල්ලලා.
 හැබැයි මනමාලි නෙවේ..මනමාලිට හම්බෙන දේපල..
     අරෙහෙන් ගෙවල් දෙකයි...,මෙහෙන් පොල් ඉඩම් මෙච්චරයි...
 අනේ මංදා...ඇත්තටම මම නම් එහෙම විවාහයකට කැමති නෑ...ඔයාලා කොහොමද දන්නෑ..මේ මගේ අදහස.

 අනික් අතට සමහර ආදර විවාහවල අහන්න ලැබෙන දෙයක් තමා
           "බඳින්න කලින් හිටපුකෙනා නෙවේ බැන්ඳට පස්සෙ ඉන්නෙ කියලා"

 ඒත් මටනම් අන්තිමට හිතුනෙ දෙවිදියම හොඳයි කියලා.අන්තිමට සතුටින් ඉන්න පවුල් කොච්චර ඉන්නවද...කියලා මට හිතුනා.
 මගේ අනාගතේ කොම දන්නෑහොම වෙයිද කියලා මනෙ. ඉතින් ඔයාලට හිතෙන්නෙ කොහොමද?                                                                         



Monday, September 27, 2010

‍‍‍රෑ අඳුර මට නම්..

තීරු පොල් අතු 
 අතර බිඳු බිඳු
 පෙනී නොපෙනෙන
 යලිඳු දිස්වන
 නලත් ගොයමත්
 එක්ව රඟදෙන 
 රෑ අඳුර මනරම්...

  සඳලුතලමත  
 සසල මා නෙතු
 ගතද සමඟින්
 සමවැදී 
 වරක් නුබවෙත
 යලිඳු අඳුරට
 යොමනු මට නොතරම්...

 පෙරමඟම මා දිවිමඟේ 
 අලුකරම්යැයි 
 අකුරු හරඹින් 
 එ සොඳුරු අඳුරට
 පිටුපාම හිද
 සිප් ගිලිම් කෙලෙසින්...

 අඳුර සොඳුරුම රෑ පුරා 
 අත දුරින් වූ වෙල සිසාරා
 අඳුරෙ මැලවුනු පහන දැල්වුනු 
 වේද මට එළි දිවිතුරා...? 

පීඩාවට පත් මගේ හිත සනසාගනු පිණිස..

Tuesday, September 7, 2010

නුඹට මගේ කැමැත්තක තරම්..

බල්ලෙක් කිවුවම මුස්ලීම් අය කැමතිම නැති සතෙක්. කොරියාවෙ අය කැමතිම සතෙක්.හැබැයි.. කෑමට.
 ලංකාවේ අපිත් කැමතිම සතෙක්.ගොඩක් විට ආරක්ෂාවට.
 ඒත් අද මම කතාකරන්නේ මගේ කැමැත්ත ගැන.
 ලංකාවේ බහුතරයකගේ කැමැත්ත ගැන.
 මම පුංචි කාලෙ ඉදන් බල්ලන්ට හරි කැමති.හැබැයි වල් බල්ලන්ට.අපිට හැම තැනම දකින්න ලැබෙන,
 පොඩ්ඩක්වත් ගණන් ගන්නැති,ඒත් ගණන් ගතයුතුයැයි මම හිතන සතෙක්.
 උන් ඔහේ ඉපදෙනවා..ඔහේ මැරිලා යනවා.අපේ එවුන් නැති වෙනවා.පිටරටින් හොඳ බල්ලෝ ලංකාවට එනවා.උන් බෝ වෙනවා.අපේ උන් වඳ වෙනවා.වල් බල්ලෝ කියන්නේ අපේ එවුන්.විජය ලංකාවට එනකොටත් මෙහෙ හිටිය.
   


මගේ හිතේ ඒ අහිංසක අපේ එවුන් ගැන තියෙන කැක්කුම මගේ යාලුවො හැමෝම ළඟ ඇති කියලා මම හිතනවා.ඇත්තටම වල් බලු පැටවු,ලොකු බල්ලොන්ට මිනිස්සු කරන හිංසාව දැකලා දැකලා ඒකට එරෙහිව කරන්න දෙයක් නැතිකමින් ඔහේ බලාගෙන ඉන්න මගේ ප්‍රාර්ථනාව වල් බල්ලන්ට සුභ අනාගතයක් විතරයි.